ජනාධිපතිට බෞද්ධ දර්ශනයත් වෙනස් වෙලා: දෙව්දත් ඇඟිලි කපද්දී අංගුලිමාල ගල් පෙරළනවා

99

දේශපාලන ස්ථාවරයක් නැතිව රටට ඉදිරි ගමනක් නෑ- අශෝක අබේසිංහ (සජබ)

වර්තමාන රජය අඳුරේ අතපත ගාන බවත් රට තුළ දේශපාලන ස්ථාවරය හදන්නේ නැතිව ඉදිරියට යෑමට නොහැකි බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (2 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීය.

2023 අයවැය විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වෙනවා. එය එලැඹෙන 08 දා අවසන් වෙනවා. මෙවර අයවැය තුළ විශාල ලෙස බදු වැඩි කරලා අධිබාර බද්දක් පනවන්න කටයුතු කරන බව ජනාධිපතිවරයා මාස කිහිපයකට පෙර ප්‍රකාශ කළා.

ඒ වගේම අද ලෝක වෙළෙඳපොළහි බොරතෙල් මිල අඩුයි. එහිදී ඇමතිවරයා කියනවා සෑම මාසයකම පළමු වැනිදා මිල සංශෝධනයක් සිදු කරනවා කියලා. නමුත් එය සිදු වන්නේ නැහැ. ලෝක වෙළෙඳපොළහි තෙල් මිල අඩු වීමේ සහනය අද අපේ රටේ ජනතාවට ලැබෙන්නේ නැහැ. එයට අපේ බලවත් විරෝධය පළ කරනවා. ඒ අතරේ කැබිනට් තීරණයක් හරහා නැවතත් විදුලි බිල වැඩි කරන්න හදනවා. නමුත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති කියනවා පනතට විරුද්ධව වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි පිරිවැයට අනුව වැඩි කරාට කමක් නෑ. නමුත් මේ මිල වැඩි කිරීම කරන්නේ විදුලිබල මණ්ඩලයේ අතීතයේ වූ පාඩු පියවීමටයි. මෑතකදී 600% කින් විදුලි ගාස්තු වැඩි කරා. තවදුරටත් මිල වැඩි කළහොත් ජනතාව එය දරාගන්නේ කොහොමද? ආදායම වැඩි නොවී බිල් වැඩි කිරීම නොකළ යුතු යන්න අපේ මතයයි

අයවැයනුත් බදු වැඩි කරලා. නමුත් කතා කරන්නේ නිෂ්පාදන ආර්ථිකයක් ගැන එසේ බදු වැඩි කිරීම සිදු කරනවා කියන්නේ ජනතාව කබලෙන් ළිපට වැටෙනවා වගේ වැඩක්. තව තවත් පිච්චෙනවා විතරයි. වර්තමානය වන විට රටේ ඩොලරුත් නැහැ රුපියලුත් නැහැ. සංචිත තියෙන්නේ මහබැංකු අධිපතිවරයා කියන විදියට තවත් දින හතරකට.

එහිදී විදේශයෙන් බඩු ගෙන්වන අය අසරණ වෙනවා. බදු තවත් වැඩි කිරීම සරල සාධාරණ විය යුතුයි. දැන් ඒ දෙකම සිදුවන්නේ නැහැ. අද බදුත් වැඩි බඩු මිලත් වැඩියි. සේවා සැපයීමක් සිදු වන්නෙත් නැහැ අද වන විට ලක්ෂ හයකට ආසන්න රැකියා අහිමිවෙලා පුවත් පතක සඳහන් වෙනවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුන් හයදාහක් අසමත් කියලා. අසමත් 6000ක දරුවන්ට මොකද වෙන්නේ. පසුගිය රජය වෘත්තිය පුහුණු පාඨමාලා රැසක් ඇති කළා. ඒවා සියල්ල අද වනවිට නැවතිලා. රජයට අපි කියනවා ප්‍රතිඵල විශ්ලේෂණයක් කරලා අසමත් දරුවන් වෙනුවෙන් වෘත්තීය වැඩසටහන් ආරම්භ කරන්න කියලා.

වර්තමානයේ රජය අඳුරේ අතපත ගානවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් බණ කියනවා. දැන් රටේ බෞද්ධ දර්ශනය වෙනස් වෙලා. දෙව්දත් තෙර අංගුලිමාල වගේ ඇඟිලි කපනවා. අංගුලිමාල ගල් පෙරලනවා වගේ කතාවක් ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. මම හිතනවා එතුමාගේ වයසත් එක්ක පැටලෙන්න ඇති කියලා. කෙසේ වෙතත් රට මෙහෙම ඉදිරියට යන්න බැහැ. දේශපාලන ස්ථාවරය හදන්න ඕන. විදේශ විනිමය රටට අවශ්‍යයි. නමුත් රජය ගැන තිබෙන අවිශ්වාසය නිසා රටට ඩොලර් එවන්නේ නැහැ. මුලින්ම රජය විශ්වාසයක් ඇති කරගන්න ඕන. ලෝක සංවිධාන කියනවා අපේ රටේ ආර්ථික අපරාධ සිදු වෙලා කියලා. ඒ අපරාධ කරපු අයට දඬුවම් දෙන්න කියලත් ඔවුන් යෝජනා කරනවා. නමුත් ඒ අය අද රට පාලනය කරනවා. දැන් ආණ්ඩුවේ ඉන්න අයම තමයි එදා රනිල් වික්‍රමසිංහට මහ බැංකු හොරා කිව්වේ. දැන් ඔවුන්ම ඡන්ද 134ක් ලබා දීලා ඔහුව ජනාධිපති කරගෙන. 2024 වසරේ ජනාධිපතිවරණයට දැන් එතුමා ලෑස්ති වෙනවා. පාර්ලිමේන්තුවට ඇවිත් වීරයා වගේ කතා කරනවා. මේ කතා කරන්නේ ඔහුට ඡන්දය දුන්න 134 දෙනා වෙනුවෙන් බව අපි දන්නවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment