ලක්ෂ 60 ක ජනතාවක් බූස්ටරය අරන් නැහැ

76

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

මෙරට ජන ගහනයෙන් අවුරුදු 20 ට වැඩි ලක්‍ෂ 60ක පිරිසක් කොවිඩ් මර්දනය සඳහා ලබාදෙන බූස්ටර් එන්නත් මාත්‍රාව මේ වන විටත් ලබාගෙන නැතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා දිවයින ඉරිදා සංග්‍රහයට ප්‍රකාශ කළේය.

පවතින කොවිඩ් තත්ත්වයේ ව්‍යාප්තියත් සමග මෙය ඉදිරියේදී ඉතා බරපතළ තත්ත්වයක් බවට පත්වීමට ඉඩ ඇති බැවින් වහාම එම එන්නත් මාත්‍රාව ලබාගැනීමට ක්‍රියාකරන ලෙස වෛiවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

අදාළ එන්නත් ලබාගැනීම සඳහා සෞඛ්‍ය වෛi නිලධාරි කාර්යාල අමතා ලබාදෙන දිනයට සහ වේලාවට පැමිණිය යුතු බවත් එසේත් නොමැතිනම් තම ප්‍රදේශයේ රෝහල් කරා පැමිණ එය ලබාගත හැකි බවත් වෛද්‍යවරයා පැවසීය.

කොළඹ ප්‍රදේශයේ ජනතාවට කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේදී තමනට අවශ්‍ය කුමන හෝ එන්නත් මාත්‍රාවක් ලබාගත හැකිව පවතින බවත්, මේ වනවිට මෙරටට අවශ්‍ය කොවිඩ් එන්නත් මාත්‍රා කිසිදු හිඟයකින් තොරව සෞඛ්‍ය රසායනාගාරවල පවතින බැවින් හැකි ඉක්මනින් තමන් ලබාගත යුතු එන්නත් ලබාගැනීමට ක්‍රියාකරන ලෙසත් ඉල්ලා සිටි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා එය කොවිඩ් අවදානමෙන් මිදීමට ගත හැකි හොඳම පියවර වනු ඇතැයිද වැඩිදුරටත් කියා සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment