තාත්තලා දුම්බොනවා නම් දරුවන්ට හතිය ශ්වසන රෝග වැළඳීමේ අවදානමක්!

38

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

වැඩිහිටියන් දුම්පානයට ඇබ්බැහි වී ඇති නිවාසවල දරුවන්ට හතිය ඇතුළු ශ්වසන රෝග වැළඳීමේ දැඩි ප්‍රවණතාවක් පවතින බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (17දා) පැවසීය.

ශ්වසන රෝග සඳහා ප්‍රතිකාර ලෙස ‘ඉන්හේලර්’ භාවිතය වෛද්‍යවරුන් විසින් නිර්දේශ කළත් ඇතැම් දෙමාපියන් දරුවන් එයට ඇබ්බැහි වනු ඇතැයි බිය සැක පළ කරන බවද එය එසේ නොවන අතර සැබෑ ගැටලුව වැඩිහිටියන්ගේ දුම්පානය බවද ඒ මහතා කියා සිටී.

පවතින වැසි සහ කාලගුණික තත්ත්වය නිසා සීතල වැඩිවීම හේතුවෙන්ද කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, වෛරස් උණ මෙන්ම ළමා හතියද වැඩි වී ඇති බව දෛනික රෝහල් වාර්තා මගින් තහවුරු වී ඇතැයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment