තැපැල් මුද්දරය රු.100 කරන්න අවසර ඉල්ලයි

37

දැනට රුපියල් 50ක්ව පවතින අවම තැපැල් මුද්දර ගාස්තුව රුපියල් 100ක් දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා ‘දිවයින’ට පැවසීය.

තැපැල් දෙපාර්තමේන්තුව වාර්ෂිකව රුපියල් කෝටි 700ක් පාඩු ලබන බවත් ඒ අනුව එම පාඩුව පියවා ගැනීම සඳහා මෙලෙස තැපැල් මුද්දර ගාස්තු වැඩි කිරීමට අවසර ඉල්ලා ඇති බවත් ලේකම්වරයා සඳහන් කළේය.

පසුගිය වසරේදී තැපැල් දෙපාර්තමේන්තුවේ පාඩුව රුපියල් කෝටි 320ක් දක්වා අඩු කරගත් බව සඳහන් කළ ලේකම්වරයා රජයේ සේවක වැටුප් වැඩිවීමත් සමග මෙම පාඩුව තවත් ඉහළ යන බව කීවේය. ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව පවත්වාගෙන යෑම සඳහා මහා භාණ්ඩාගාරය වෙතින් වෙන්කර ඇති මුදල් ප්‍රමාණවත් නොවන නිසා මෙලෙස අවම තැපැල් මුද්දර ගාස්තුව වැඩි කිරීමට අනුමැතිය ඉල්ලා ඇතැයි ද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment