දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරයි

353

දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනය ලැබීම අනිවාර්යය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා අදාළ සංදේශයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

එමෙන්ම වෙසක් පොහොයට සමගාමීව දරුවන්ගේ දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්යය කිරීමට මෙම පියවර ගත් බවත් මෙම වැඩපිළිවෙළ අනුව දහම් පාසල් නොයන දරුවන් හඳුනාගෙන ඔවුන් දහම් පාසල් වෙත යොමු කිරීමට ද අවධානය යොමුකරන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment