මේ පාන ඔබේ සුරතින් දැල් වූ මං බෝම ප‍්‍රවේශම් කරගන්නම්

182

පේරාදෙණිය සරසවි පේ‍්‍රමය ගැන ලියවුණු සාහිත්‍ය නිර්මාණ ගණන මෙතෙකැයි කිව නොහැකියි.

 හතළිහේ දශකයේ සිටම පේරාදෙණි සරසවි වටපිටාව සැකසී තිබුණේ විද්‍යාර්ථීන්ට ශිල්ප හදාරන්න පමණක් නොවෙයි. සරසවිය ස්ථාපිත කොට ගොඩනැගුණු දේශන ශාලා, නේවාසිකාගාර, පටු මං මාවත්, තුරුපෙළ, තණනිල්ල, ඈතින් පෙනෙන හන්තාන කඳු සිරස සහ පහළින් ගලායන මහවැලි ගඟ යන මේ සියල්ලම එකම භූමි නිර්මාණයක් සඳහා විශේෂයෙන් අත්වැල් බැඳගත් සැටියක් එහි පිවිසෙන්නෙකුට දැනෙන්නේ. එදා සරසවි බිම නිර්මාණය කළවුන්, ශිල්ප ශාස්ත‍්‍ර දානය සඳහා ම කැප කළ භූමියට වඩා, ඉන් එහා ගිය සොබාසොඳුරු බවක් ගැබ් කරන්නට උත්සුක වී තිබුණා. තාරුණ්‍යයේ පිබිදෙන හැඟීම් උද්දීපනය කරන්නට සමත් මේ

මේ පාන ඔබේ සුරතින් දැල් වූ මං බෝම ප‍්‍රවේශම් කරගන්නම්

මහා සැලැස්ම තුළ, දශක ගණනාවක් පේරාදෙණි සරසවියට ආ විද්‍යාර්ථීන් ඒ සුව පහස විඳ ගත්තේ, ඔවුන් සරසවියෙන් පියමං වූ පසුවත් ඉතා අභිරුචියෙන් කතා කළ හැකි අතීතයක් තමන් සතුව පවතින බව ස්ඵුට කරමිනුයි. පේරාදෙණිය සරසවිය තුළ හා ඉන් පිටත නිෂ්පාදනය වූ බොහෝ වේදිකා නාට්‍ය නිර්මාණ එළිමහන් රංග භූමිය (වළ) තුළ විඳගත් සියල්ලන්, අද දවසේ වයසින් මුහුකුරා ගිය වැඩිහිටියන් වුවත් ඔවුන්ගේ  සිත් තුළ සුරැුකිව රැුකගත් ඒ අතීත සොඳුරු බව අදත් ඔවුන් සිහිපත් කරන්නේ සිතින් තාරුණ්‍යයට ගොඩ වදිමිනුයි. පේරාදෙණි සරසවි දිවිය ගැන විවිධාකාරයෙන් ලියවුණු ගීත ගණනාවක්ම අපේ ගීත සාහිත්‍යයේ හමුවෙනවා. මින් බොහොමයක් ම සරසවිය තුළ ගොඩනැගුණු පේ‍්‍රම සම්බන්ධතා ඇසුරෙන් පබැඳුණු ගීත. සමහර ගීතයන් හි කතා නායකයා ගැමි තරුණයෙක්, කතානායිකාව සරසවි සිසුවියක්.

 පේරාදෙණි සරසවි පේ‍්‍රම කතා ඇසුරෙන් උත්තේජනය ලබා අනෙකුත් සරසවි තුළ දළුලන පේ‍්‍රම වෘතාන්ත අනුභූතීන් ලෙසින් ගෙන ලියැවුණු ගීත කිහිපයක් මෑත වකවානුවේ අපට අසන්නට ලැබෙනවා. එහෙත් පේරාදෙණියේ ඇති මනස්කාන්ත භූමි ලක්ෂණ සහ ස්වභාව සෞන්දර්යය පේ‍්‍රමය හා ගැළපුන තරම් තවම අනෙකුත් සරසවි පේ‍්‍රම ගීත සමත් වී ඇද්ද යන්න පැනයක්. සුදත් ගාමිණී බණ්ඩාර නම් සම්මානනීය ගේය පද රචකයාටත් පේරාදෙණි සරසවි පේ‍්‍රමය ඇසුරින් ලියන්නට යමක් තිබී ඇති බව පැහැදිලි වුණේ ඔහු අතින් ලියැවුණු, විශාරද ගුණදාස කපුගේ සංගීතවත් කළ, කරුණාරත්න දිවුල්ගනේ ගැයූ මේ පදවැල ශ‍්‍රවණය වූ ඇසිල්ලෙනුයි.



 හන්තාන දෙසින් එන

 මුදු සීත සුළං රැළි

 ඔබ තාම හොඳින් හඳුනනවා නම්

 මේ පාන ඔබේ සුරතින් දැල් වූ

 මං බෝම ප‍්‍රවේශම් කරගන්නම්



 සංසාර පුරුද්දට දෝ මංදා

 ගංගාව ශෝකයෙන් වැලපෙනවා

 මං තාම මහාවැලි ගං ඉවුරේ

 වැලි පාර දිගේ හවසට යනවා



 තනිවී අද මා මේ වැව රවුමේ

 දළදා පෙරහැර නරඹනවා

 මහා සෙනග මැද කොතැනක හෝ

 ඔබ හිඳිනු ඇතැයි නිකමට සිතෙනා



 වසර තුනක් හෝ හතරක් වැනි සරසවි දිවියේ, හන්තාන කන්ද තරණය නොකළ, මහවැලි ඉවුරට නොගිය, දුම්රියෙන් පේරාදෙණියට නොපැමිණි, සරසවි සිසුවෙක් හෝ සිසුවියක්

 හොයාගන්නට අමාරුයි. සරසවි බිමෙන් ඔබ්බෙහි පිහිටි පෞරාණික මහා නගරය, ‘මහනුවර’ සහ දළදා මාළිගාව, ඇසල දළදා පෙරහැර, බෝගම්බර වැව් ඉවුර ඔවුන්ගේ පේ‍්‍රමවන්ත ගමනාන්ත වෙනවා. මේ ගීතයෙන් අපට මුණ ගැහෙන සරසවි පෙම් යුවළට හන්තාන කඳු සිරස සිසාරා එන නළ මුදු සුවඳ ඔවුන්ගේ ආලිංගන මිහිරියාවට එක් කරන්නේ වදනින් කියාගන්නට බැරි දැනීමක්, ශාංගාරයක්. එය ආත්මීය පේ‍්‍රමයක් මුහුකුරා යන්නට පැමිණි ආශිර්වාදයක් වගේ. ඇය ඔහු වෙනුවෙන් දල්වන්නේ බලාපොරොත්තුවේ පහනයි. එය ඔහුගේ අධ්‍යාපන දිවි සැරිය ස්ථාපිත කරන්නටත් ශක්තියක් ගෙනදේවි. ඔහුගේ

 පරම ප‍්‍රාර්ථනාව යහපත් දිවි පෙවෙතක්, ශක්තිමත් රැුකියා අවස්ථාවක්. එහෙත් පේ‍්‍රමයේ සම්ප‍්‍රදාය ලෙස සිදුවන, යම් අත්වැරැුද්දක් නිසා මේ සොඳුරු අත්වැල ගිලිහෙනවා. පේ‍්‍රමය දෙදරා යනවා.

 බොහෝ සරසවි පේ‍්‍රම විප‍්‍රයෝග ගීතයක් ලෙස ලියවෙද්දී, ඒවා පේ‍්‍රමවන්තයාගේ අත් දැකීමක් ලෙසයි ලියැවී තිබෙන්නේ, පේ‍්‍රමවන්තියගේ ප‍්‍රකාශනයක් ලෙස ඇසෙන ගීත ප‍්‍රමාණයක් නැති තරම්, විප‍්‍රයෝගයේ අරුමය වඩා දැනෙන්නේ පේ‍්‍රමවන්තයාටම ද?

 කෙසේ හෝ සුදත් ගාමිණී නිර්මාණය කරන සරසවි පේ‍්‍රමවන්තයා, මෙම පේ‍්‍රම විප‍්‍රයෝගයෙන් පසුව, විටින් විට පේරාදෙණිය සරසවි පරිසරය සහ ඉන් පිටත, මහනුවර නගරය, නගරයේ මංමාවත්, දළදා මාළිගාව, වැව් ඉවුර අසල, මහවැලි ගං දෑලේ, තනිවන්නේ ඔහුගේ

 අතීත ස්මරණ සිහියට ගනිමිනුයි, සමහර විට ඔහු තෝරාගන්නා හෝ ඔහුට ලැබෙන රැුකියා අවස්ථාව ගතවෙන්නේ මේ පරිසර පද්ධතිය තුළම නම් එය එක්තරා දෛවයේ සරදමක් විය හැකියි.

 පේ‍්‍රමවන්තිය සරසවි දිවිය අවසන් කොට පේ‍්‍රමය ද අනපේක්ෂිතව පසෙක ලා ගිහින්. ඒත් ඔහු තවම මහවැලි ගං ඉවුරට පියමනිනවා, බෝගම්බර වැව් රවුමට එනවා, ඇසළ පෝයට දළදා පෙරහැර නරඹනවා. මේ හැම මොහොතකම ඔහු සිතින් ඇය හා සක්මනේ දෙනවා, අතීත පේ‍්‍රමයේ නටබුන් අතර ගැවසෙනවා. එහෙත් ඇය විසින් ඔහුගේ සිතෙහි දැල්වූ පහන ඔහු කිසිදා නිවාලන්නේ නැහැ. එසේනම් පේ‍්‍රමයට තිත තැබුවත් ඇය ඔහුට ප‍්‍රඥාව ඉතිරි කර දී ඇති සැටියක් නේද මේ.

 සරසවි පේ‍්‍රම ගීත අතරට තව තවත් ගීත එකතු වේවි. එහෙත් සුදත් ගාමිණී බණ්ඩාර ලියූ, කපුගේ සංගීත නිර්මාණය කළ කරුණාරත්න දිවුල්ගනේ ගැයූ මේ ගීතය තුළ සිටින අහිංසක සරසවි පේ‍්‍රමවන්තයා, වෙනත් සරසවි පේ‍්‍රම ගීතවල හමු නොවන බවයි මගේ හැඟීම.

advertistmentadvertistment
advertistmentadvertistment