දකුණු අප්‍රිකාවට විශිෂ්ට ජයක්

103

2024 පන්දු වාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 21 වන තරගය ලෙස පැවැති දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයෙන් බංග්ලාදේශය පරදා ලකුණු 4ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව (11දා) සමත් විය.

නිව්යෝර්ක්හිදී ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 113ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව ලකුණු 114ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි බංගලාදේශයට ලබාගැනීමට හැකිවූයේ පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 109ක් පමණි. ඒ අනුව ලකුණු 4ක තියුණු ජයක් දකුණු අප්‍රිකානු කණ්ඩායමට හිමිවිය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් හෙන්රි ක්ලාසන් ලකුණු 46ක්, ඩේවිඩ් මිලර් ලකුණු 29ක් ලැබීය.

පන්දු යැවීමේදී බංගලාදේශය වෙනුවෙන් තම්ෂින් හසන් ලකුණු 18කට කඩුලු 3ක්, තෂ්කින් අහමඩ් ලකුණු 21කට කඩුලු 2ක් බිඳහෙළීය.

පන්දුවට පහරදීමේදී බංග්ලාදේශය වෙනුවෙන් තොවයිඩ් හරඩෝයි ලකුණු 37ක්, මොහමදුල්හා ලකුණු 20ක් ලැබීය.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් කේෂව් මහරාජ් ලකුණු 27කට කඩුලු 3ක්, ඇන්රිච් නොටර්ජි ලකුණු 17 කට කඩුලු 2ක්, කගිසෝ රබාඩා ලකුණු 19කට කඩුලු 2ක් බිඳහෙළීය.

පන්දුවට පහරදීමේදී ලකුණු 46ක් රැස් කළ හෙන්රිච් ක්ලාසන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment