දකුණු අප්‍රිකා – ඇෆ්ගනිස්ථාන – ඉන්දියා – එංගලන්ත – අවසන් පූර්ව තරග අද

26

මෙවර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ තරග පසුගිය 25 වැනිදායින් නිමාවට පත්විය.

එහිදී ඔස්ටේ්‍රලියාව, ඇමරිකාව, බංග්ලාදේශය සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව්වන්ට ආපසු හැරෙන්නට සිදු වූ අතර දකුණු අප්‍රිකාව, එංගලන්තය, ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය යන කණ්ඩායම් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීය.

ඒ අනුව ප්‍රථම අවසන් පූර්ව තරගය අද (27දා) දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර ටෙරූබාහි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6.00ට ආරම්භ වීමට නියමිතය.

දෙවන අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ එංගලන්ත කණ්ඩායම් අතර ගයානාහි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 8.00 ට පැවැත්වීමට නියමිතය.

මෙම තරගවලින් ජය ගන්නා කණ්ඩායම් 2024 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ (29 වැනිදා) පැවැත්වීමට නියමිත අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment