ශ්‍රී ලංකාව සිව්වන තරගය පරදියි – නේෂන් කප් නෙට්බෝල් තරගාවලිය 2023

139

නේෂන් කප් නෙට්බෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ සිව්වන තරගය වූ පැපුවානිව්ගිනියාවට එරෙහි තරගය 67-51 ක් ලෙස පරාජයට පත් වූයේය. පැපුවානිව්ගිනියාව මෙම තරගාවලියේ මෙතෙක් සිටින එකම අපරාජිතයාද වේ.

තරගයේ පළමු කාර්තුව සාර්ථක ආරම්භයක් ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 13-11ක් පෙරමුණේ සිටියත් දෙවන කාර්තුව ශ්‍රී ලංකාව අවසන් කළේ 14 -18 ක් ලෙස පසු බසිමින් ය. තෙවන කාර්තුවේදී වඩාත් පසුපසට ගිය අතර එය සටහන් වුයේ 09-16 ක් ලෙසය. පැපුවානිව්ගිනියාව සිව්වන කාර්තුව 15-22 ක් සටහන් තබමින් පැහැදිලි ජයග්‍රහණයක් ලබන්නට සමත් විය.

අද තරගාවලියේ විවේක දිනය වන අතර ශ්‍රී ලංකාව හෙට (27 දා) සිංගප්පූරුව හා තරග වැදීමට නියමිතය. තරගාවලියේ මූලික වටයේ තරග හෙට අවසන් වේ.
ශිරන්ති ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment