‘දි අයිලන්ඞ්’ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුරේෂ් පෙරේරා අභාවප‍්‍රාප්ත වෙයි

515

උපාලි පුවත්පත් සමාගමේ ‘දි අයිලන්ඞ්’ පත‍්‍රයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ සුරේෂ් පෙරේරා මහතා ඊයේ (18 දා) පෙරවරුවේ අභාවප‍්‍රාප්ත විය.

 මිය යනවිට 59 වියේ පසු වූ සුරේෂ් පෙරේරා මහතා 1984දී ‘දි අයිලන්ඞ්’ පත‍්‍රයේ සේවයට එක්විය.

 ‘සන්ඬේ අයිලන්ඞ්’ පුවත්පතේ ප‍්‍රධාන ප‍්‍රවෘත්ති කර්තෘවරයා ලෙස ද කටයුතු කළ ඔහු ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ සුවිශේෂී දස්කම් දැක්වූ මාධ්‍යවේදියකු විය. හෙතෙම පුවත්පත් වාර්තාකරණය, විශේෂ රචනයට හා සංස්කරණයටද ප‍්‍රතිභාව දැක්වූවෙකි. කොවිඞ් ආසාදිත තත්ත්වයට ගොදුරුව කළුබෝවිල රෝහලට ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කරන ලදී.

 පාර්ලිමේන්තු වාර්තාකරණය, දේශපාලන හා සමාජ සංසිද්ධි පිළිබඳ ප‍්‍රවෘත්ති වාර්තාකරණයට, විශේෂාංග රචනයට, හා සංස්කරණයට ද ප‍්‍රතිභාව දැක්වූවෙකි.

 එස්ටර් පෙරේරා මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ ඒ මහතා එක්දරු පියෙකි. රත්මලාන සොයිසාපුරා බී/2/3/1 නිවසේ ඔහු පදිංචිව සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment