දෙවැනි ටෙස් තරගයේදීත් ශ‍්‍රී ලංකාව අසීරුවෙන්

142


දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස ඉන්දියාවේ බෙංගලූරු හිදී පැවැත්වෙන
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය නිමාවන විට කඩුළු 06 ක් දැවී ලකුණු 86 ක් ලබා සිටී.
ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 43 යි. දැවීගිය සෙසු ක්‍රීඩකයින් වන නායක දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ලහිරු තිරිමාන්න, චරිත් අසලංක සහ ධනංජය ද සිල්වාට ලකුණු 10 සීමාව පසුකර යාමට ඉන්දීය පන්දු යවන්නන් හමුවේ ඉඩ නොලැබුණි. නොදැවී පන්දුවට පහරදෙන නිරෝෂන් දික්වැල්ල ලකුණු 13 ක් රැස්කර ගෙන සිටී.
පන්දු යැවීමේදී ජස්ප්‍රිත් බුම්රා කඩුළු 03 ක් සහ මොහොමඩ් සාමි කඩුළු 02 ක් දවා ගෙන සිටිති. ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 252 ක් රැස් කරගැනීමට සමත් විය. ෂ්‍රෙයාස් අයියර් ලකුණු 92 ක් රැස්කළ අතර රිෂාබ් පාන්ට් ලකුණු 39 යි.


advertistmentadvertistment