දේශීය ආදායම් – රේගුව – සුරාබදු බදු ආදායම් ඉලක්ක අහිමිවූ හේතු කියයි

356

දේශීය ආදායම්, රේගුව සහ සුරාබදු යන දෙපාර්තමේන්තුවල බදු ආදායම් ඉලක්කවලට යෑමට නොහැකි හේතු දැක්වීමට එම ආයතන තුනේ වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධවී සන්ධානයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

තම දෙපාර්තමේන්තුවලට දිගින් දිගටම චෝදනා එල්ලවෙමින් තිබෙන බවත්, චෝදනා කරන ඇතැම් පාර්ශ්ව ගත් ප්‍රතිපත්තිමය තීරණ නිසා බදු ආදායම් අහිමිවීම සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරන බවත් එම ආයතනක වෘත්තීය සමිති ප්‍රධානියෙක් පැවසීය.

දේශීය ආදායම්, රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තු රජයට නියමිත බදු එකතු කරදෙන බවත් බදු ඉලක්කවලට යෑමට නොහැකි වන්නේ කුමන කරුණු නිසාද සහ එයට වගකිවයුතු කවුරුන්ද යන්න ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පත්වමින් ප්‍රකාශ කරන බවද එම ප්‍රධානියා තවදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment