කොළඹ උඩුමහල්වල ඩෙංගු සොයන්න ඩ්‍රෝන කැමරා යවයි

100

පවතින ඩෙංගු අධි වසංගතය හමුවේ කොළඹ නගරයේ මහල් නිවාස සංකීර්ණ ඇතුළු උස් ගොඩනැඟිලිවල ඩෙංගු බෝවිය හැකි ස්ථාන සොයා ගැනීමට ඩ්‍රෝන කැමරා යොමු කිරීමට පියවරගත් බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රාණි ජයවර්ධන මහත්මිය ‘දිවයින’ට ඊයේ (21 දා) පැවසුවාය.

මීට අමතරව සෞඛ්‍ය වෛi නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, පොලිසිය සහ යුද හමුදාව එක්ව නිවෙස්, වෙළෙඳසල්, පාසල්, කර්මාන්ත ශාලා පරීක්‍ෂා කිරීමේ මෙහෙයුම මෙම මස 26 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බවද ඇය කීවාය.

කොළඹ 7 ප්‍රදේශයේ ඇතැම් නිවැසියන් ඩෙංගු පරීක්‍ෂාවට පැමිණෙන නගර සභා නිලධාරීන්ට සහයෝගය ලබානොදෙන බවද ඇතැමුන් ගේට්ටුවලට අගුල් දමා ගොස් ඇති අතර තවත් පිරිසක් නිලධාරීන් ගේට්ටුවට ගසමින් තට්ටු කළත් නෑසෙන සේ නිවෙස් තුළට වී සිටින බවද ඇය කීවාය.

ඩෙංගු මර්දන ජාතික වැඩසටහනට සහාය නෙදෙන නිවැසියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද කොළඹ නගරය ඩෙංගුවලින් තොර කලාපයක් බවට පත්කර ගැනීම තම එකම අපේක්‍ෂාව බවද නාගරික කොමසාරිස්වරිය කියා සිටියාය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment