ව්‍යාජ අංක තහඩුවෙන් ඉන්ධන ගත් අයට දඩය රු. 25000

162

වීරගුල පොලිස් වසමේ නෙල්ලිගහමුල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලට කුඩා ලොරි රථයකට ව්‍යාජ අංක තහඩුවක් සවි කරගෙන පැමිණ ඩීසල් ලබා ගැනීමට තැත් කිරීමේදී පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු ලොරි රථ රියදුරුට රු. 25,000 ක දඩයක් ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියම කළේය.

වතුරුගම, ඉඟුරුගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ලක්ෂාන් බංඩාර නමැති ලොරි රථ රියැදුරුට මෙසේ දඩ නියම කෙරුණි.

ඩීසල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම් හලට පැමිණි ලොරි රථයේ අංක තහඩුව ව්‍යාජ එකක් බවට එම ඉන්ධන පිරවුම් හලේ රාජකාරියේ නිරතව සිටි සැරයන්වරුන් වන පද්මසිරි (48963) සහ රොහාන් (11172) යන නිලධාරීන් විසින් අවබෝධ කරගෙන තිබේ. එම නිලධාරීන් ලොරි රථයට සවි කර ඇති අංක තහඩුව සම්බන්ධයෙන් රියැදුරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ දී එම ලොරියට සවිකර ඇත්තේ ගරාජයක නවතා ඇති ලොරියක අංක තහඩුවක් බවට අනාවරණය වීමෙන් අනතුරුව ලොරි රථය සහ සැකකාර රියදුරුව අත්අඩංගුවට ගෙන තිබූ බවට අධිකරණයේදී සඳහන් විය. වීරගුල පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප සිසිර ජයකොඩි මහතා ගේ උපදෙස් මත සැරයන් දමින්ද ලක්මාල් (12959) නිලධාරියා පැමිණිල්ල මෙහෙය විය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක
 

advertistmentadvertistment
advertistmentadvertistment