ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත සහ ආලේපන නිෂ්පාදන සමාගමක් වන නිපොන් පේන්ට් ලංකා සමාගම විසින් උත්සව සමයේදී තම ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ ලබාදීම සඳහා ආරම්භ කරන ලද ප්‍රවර්ධන වැඩසටහන හරහා දැනටමත් අති විශාල මුදලක් දිවයින පුරා විසිරී සිටින නිපොන් පාරිභෝගිකයන් රැසක් අතර බෙදාදී ඇත.

“නිපොන් තීන්ත සමඟින් මුදල් ත්‍යාග දිනාගන්න” යන තේමාව යටතේ අප්‍රේල් 1 වැනිදා ආරම්භ වූ මෙම ප්‍රවර්ධන වැඩසටහන මෙම මස 30 වැනිදා දක්වා ක්‍රියාත්මක විය.

අලුත් අවුරුදු සමය වෙනුවෙන් නිපොන් තීන්ති මිලදී ගෙන නිවෙස් හැඩ වැඩ කරගන්නා සෑම පාරිභෝගිකයෙක්ටම මෙම තරඟයට ඇතුළත් වීමේ අවස්ථාව හිමිවෙයි. අදාළ ප්‍රදේශයේ නිපොන් පේන්ට් වෙළෙඳ නියෝජිතයන්ගේ සම්බන්ධීකරණය යටතේ නිපොන් පේන්ට් ලංකා සමාගමේ නිලධාරීන් විසින් ජයග්‍රාහී පාරිභෝගිකයාගේ නිවෙසටම ගොස් ඔහු සිය නිවසට නිපොන් තීන්තම අලේප කර ඇති නම් ඔහුට හිමි මුදල් ත්‍යාගය එවලේම පිරිනමනු ලබයි. නිපොන් පේන්ට් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට හට ප්‍රතිලාභ ලබාදී නිෂ්පාදන අලෙවිය ඉහළ නංවා ගැනීම සඳහා දියත් කර ඇති මෙම ප්‍රවර්ධන වැඩසටහන දිවයින පුරාම ක්‍රියාත්මක විය.

advertistmentadvertistment
advertistmentadvertistment