නෙස්ටමෝල්ට් පාසල් අර්ධ මැරතන් තරගය – කාන්තා අංශයේ ජයග්‍රහණය රංගධාරී කුමාරසිංහට

101

නෙස්ලේ නෙස්ටමෝල්ට් අනුග්‍රහයෙන් පැවති පාසල් අර්ධ මැරතන් තරගයේ කාන්තා අංශයේ පළමු ස්ථානය ජයග්‍රහණය කිරීමට ඩබ්ලිව්. ඩී. ඩී. රංගධාරී කුමාරසිංහ සමත් වූවාය. ඇය වැලිමඩ ශ්‍රී දේවානන්ද මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් තරගයට එක් වූ අතර දෙවෙනි ස්ථානය මොනරාගල සේනාපති මහා විද්‍යාලයේ ඩී. එම්. චමිලා සිරිවර්ධනට හිමි වූවාය. ඌව වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ එල්. පී. ජී. පබෝධා ඉමාෂානි තෙවැනි තැන දිනා ගත්තාය. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2023 – මැරතන් සංවිධානය කිරීමට නෙස්ලේ නෙස්ටමෝල්ට් අධ්‍යාපන අමාත්‍යාංශය සමග අනුග්‍රාහකත්වය දැරීය. නෙස්ලේ ලංකා සමාගමේ කිරි නිෂ්පාදන අංශයේ අධ්‍යක්ෂ රුවන් වැලිකල මහතා ද තිළිණ සහ සහතික පත් ප්‍රදානයට එක්ව සිටියේය. කාන්තා සහ පිරිමි අර්ධ මැරතන් ධාවන තරගයට අමතරව කිලෝමීටර් 5 ප්‍රදර්ශන තරගයක් ද පැවැත්විණි.

ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment