නොච්චියාගම කැලෑවේ අක්කර 50 කට මීගමුවේ පොල් අක්. 50 ක් මරු කරලා

727

ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව තුළ මහා පරිමාණ ඉඩම් වංචා සිදුව ඇති බැවින් ඒ පිළිබ`ද පොලිස් පරීක්‍ෂණ සිදුකෙරෙන බවද නොච්චියාගම කැලෑවේ අක්කර 50 කට මීගමුව පොල් අක්කර 50 ක ඉඩමක් මාරුකර ඇතැයි ද ඉඩම් ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැසීය.

ඊට අමතරව හන්තාන ප‍්‍රදේශයේ විශාල වශයෙන් ඉඩම් අවභාවිත කිරීම පිළිබ`දව මේ වනවිට පරීක්‍ෂණ කෙරීගෙන යන බවද විපක්‍ෂයේ මන්ත‍්‍රී ජේ. සී. අලවතුවල මහතා විසින් අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව ස`දහන් කළේය.

ඇතැම් අයට ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් අක්කරය රුපියල් 500 බැගින් ඉඩම් ලබාදී ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි ද, 1972 සිටම මෙම ආයතනය තුළ වංචා දූෂණ සිදුව ඇතැයි ද ඉඩම් ඇමැතිවරයා කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment