අධිවේගී මාර්ගයේ හෙට පාපැදි තරගයක්

217


මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑග කොටස විවෘත කිරීමට පෙර හෙට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ මහා මාර්ග අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ කාණ්ඩ තුනකින් සමන්විත පාපැදි තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙම තරගාවලියේ මුඵ දුර ප්‍රමාණය කි.මි 80කි. සුපිරි සහ 23න් පහළ පිරිමි කාණ්ඩය, කණිෂ්ඨ පිරිමි කාණ්ඩය සහ සුපිරි කාන්තා තරගය ලෙස කාණ්ඩ කිහිපයක් යටතේ තරගාවලිය පැවැත්වේ.

සුපිරි සහ 23න් පහළ පිරිමි කාණ්ඩයේ තරගය පෙ.ව 8.30ටත් කණිෂ්ඨ පිරිමි කාණ්ඩය සහ සුපිරි කාන්තා තරගය පෙ.ව 8.40ටත් අධිවේගී මාර්ගයේ මීරිගම අන්තර් හුවමාරුව අසලින් ආරම්භ වන අතර අධිවේගී මාර්ගය ඔස්සේ යග්ගපිටිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානය දක්වා ගොස් එතනින් හරවා නැවතත් එම මාර්ගය ඔස්සේ මීරිගම අන්තර් හුවමාරුව අසලින් තරග නිමාව සනිටුහන් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment