පලස්තීනය පිළිගන්නවා රටවල් 3ක් කියයි

385

මෙතෙක් පලස්තීනය පිළිනොගත් නෝර්වේ, ස්පාඤ්ඤය හා අයර්ලන්තය රටවල් එය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තීරණය කර තිබේ. මේ අනුව අදාළ රටවල් තුන මෙම මස 28 වැනිදා පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට සූදානමින් සිටින බව දැනුම් දී තිබේ. මේ අතර නෝර්වේ, ස්පාඤ්ඤය හා අයර්ලන්තය යන රටවල් විසින් පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විරෝධය පාමින් එම රටවල සිටින සිය තානාපතිවරුන් සිය රට කැඳවීමට ඊශ්‍රායලය විසින් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස අදාළ රටවල් විසින් පිළිගැනීමෙන් හමාස් සංවිධානයට හා ඉරානයේ ජිහාද්වාදීන්ට ත්‍යාගයක් ලබා දී ඇතැයි ඊශ්‍රායලය චෝදනා කර තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment