එක්සත් ජාතීන්ගේ 2024 වෙසක් උළෙල ශ්‍රී ලංකාවේදී

110

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින බෞද්ධ ආගමික හා සංස්කෘතික සබඳතාව තවදුරටත් වර්ධනයකර ගැනීමේ අරමුණ ඇතිව 2024 වසරේදී එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල ශ්‍රී ලකාවේ පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත රජය මේ වනවිට තීරණය කර ඇති බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

පසුගියදා කොළඹ නාරාහේන්පිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ මූලස්ථානයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත මකුලෑවේ ශ්‍රී විමලාභිධාන නායක ස්වාමීන් වහන්සේ චීනයේ ෂුජියන් පළාතේ බාඩ්ලියන් සෙන් විහාරයේ විහාරාධිපති ෂි චුයැං නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මේ අවස්ථාවට එක්ව සිටියහ.

සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment