පුනරීන් මුහුදේදී බෝට්ටු දෙකක් එකට ගැටී 9කට තුවාල

123

කිළිනොච්චිය පුනරීන් මුහුදේදී බෝට්ටු දෙකක් එකිනෙක ගැටීම නිසා පුද්ගලයින් 9 දෙනෙකු 2 දා සවස තුවාල ලබා තිබේ.

පුනරීන් පලයතීව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්ලයට යමින් සිටි බැතිමතුන් රැගත් බෝට්ටු දෙකක් අධික වේගයෙන් ගමන් කිරීම නිසා එම බෝට්ටු දෙක එකිනෙක ගැටී තිබේ.

බෝට්ටු දෙක ගැටීමෙන් පසුව බෝට්ටු දෙකේම සිටි පුද්ගලයින්ගෙන් හතර දෙනෙකු මුහුදට ඇද වැටී ඇති අතර සෙසු පිරිස විසින් ඔවුන්ව බේරා ගෙන තිබේ.

තුවාල ලබා ඇත්තේ බෝට්ටු දෙක ගැටෙන විට බෝට්ටුවේ කොටස් වල හිස හා අත් පා වැදීමෙනි.

අනතුරට පත් බෝට්ටු දෙකම මගීන් ප්‍රවාහනය කෙරෙන බෝට්ටු නොවන අතර කිළිනොච්චියේ ධීවරයන්ට අයත් ධීවර බෝට්ටු දෙකක් බව පුනරීන් පොලිසිය ප්‍රකාශ කළේය.

දේවස්ථානයේ මංගල්ලයට සහභාගි වීම පිණිස බෝට්ටු අයත් පවුල් දෙකේ හිතවතුන් පිරිසක් එම බෝට්ටුවලින් දේවස්ථානය වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

තුවාලකරුවන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර පුනරීන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment