පෙම්වතා සමග යමින් සිටි  යුකේ‍්‍රන තරුණියට හදි කරන්න හදලා

1112

* දික්වැල්ලේ සැකකරු අධිකරණයට

දික්වැල්ල සංචාරක කලාපයේ පෙහෙඹිය වෙරළ පාරේ, විදුලිය විසන්ධි කරන ලද අවස්ථාවක රාත‍්‍රී 09ට පමණ නවාතැන වෙත සිය පෙම්වතා සමග ගමන් කරමින් සිටි යුක්‍රේන ජාතික තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත සැකපිට තරුණයකු 01 වැනිදා අත්අඩංගුවට ගැනීමට දික්වැල්ල පොලිසිය කටයුතු කර ඇත.

මෙහිදී විදේශ යුවළ කෑගසමින් ආධාර ඉල්ලා සිටි අවස්ථාවේ අසල ත‍්‍රීරෝද රථ ගාලක සිටි තරුණයන් පිරිසක් එම ස්ථානයට දිව එද්දී සැකකරු පලාගොස් ඇති බවත් සැකකරු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් පොලිසිය පවසයි. යළිත් සංචාරකයින් පැමිණෙමින් සිටින අවස්ථාවක මෙවැනි නොමනා ක‍්‍රියා සිදුවීම තමන් තරයේ හෙළිදකින බව සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ ප‍්‍රදේශයේ තරුණ පිරිස පැවසූහ.

දික්වැල්ල ප‍්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරු ඊයේ (02 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

දික්වැල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී. පී. ටී. ඉෂාන් මහතාගේ උපදෙස් පරිදි, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක එච්. එස්. මදුරංග මහතාගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂක ශාන්ත කොඩිතුවක්කු, පොලිස් සැරයන් (40804* ජයසේකර, (62132) තිලකරත්න, පොලිස් කොස්තාපල් (89309) කුමාර, (4051) ධම්මික යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ.

නිමල් හේමසිරි – රදම්පල

advertistmentadvertistment
advertistmentadvertistment