මාස නවයක් අඛණ්ඩව ගෝලීය උෂ්ණත්වය ඉහළට

466

ඉකුත් ජුනි මාසයේ සිට මේ දක්වාම මාස නවයක කාලයක් අඛණ්ඩව ලොව පුරා රටවලින් අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයක් වාර්තා වෙමින් පවතින බව යුරෝපා සංගමයේ දේශගුණික සේවාව විසින් නිවේදනය කර තිබේ. දේශගුණික විපර්යාසයන් හේතුවෙන් හටගෙන ඇති ගෝලීය උණුසුම ඉහළ යෑමේ ප්‍රතිපලයක් ලෙස හටගෙන ඇති මෙම තත්ත්වය හේතුවෙන් ඉකුත් පෙබරවාරි මාසය මෙතෙක් ලොව වාර්තා වූ අධිකම උණුසුම සහිත පෙබරවාරි මාසය බවට පත්ව ඇති බව එම සේවාව විසින් සඳහන් කර තිබේ.

මේ යටතේ ඉකුත් ජුනි මාසයේ සිටම ගෝලීය පරිසර උෂ්ණත්වය දිගින් දිගටම ඉහළ ගොස් ඇති බවත් ලොව පුරා මුහුදු ජලයේ මතුපිට උෂ්ණත්වය මෙතෙක් වාර්තා වූ ඉහළම අගයට ළඟා වී ඇති බව කාලගුණ විද්‍යාඥයෝ පවසති. මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාසයන්ගේ ප්‍රතිපලයක් වශයෙන් ඉහළ යමින් පවතින ගෝලීය උණුසුමට වායුගෝලයේ තිබෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වීමද හේතු වී ඇතැයි එම විද්‍යාඥයෝ අවධාරණය කර සිටිති. ගතවූ කාලසීමාවේ ලොව ඉහළම උෂ්ණත්වයන් වාර්තා වී ඇත්තේ බටහිර ඔස්ට්‍රේලියාව, අග්නිදිග ආසියාතික රටවල්, දකුණු අප්‍රිකානු හා දකුණු ඇමෙරිකානු රටවලින්ය.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment