පෙම්වතිය බිය කිරීමට ගෙල වැලලා ගත් පෙම්වතා ගැටය සිරවී මරුට

27

සිය පෙම්වතිය බිය කිරීමට බෙල්ලේ ලණුවක් ගැට ගසා ගෙන ගසක අත්තක එල්ලෙන බව කියමින් සිටි වවුනියාවේ තරුණයෙකු ලණුවේ ගැටය සිරවීම හේතුවෙන් 30 දා මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වවුනියාව බෝගස්වැව පදිංචි 17 හැවිරිදි තරුණයෙකි. ඔහු නන්දිමිත්‍රගම ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි තරුණියක සමග ප්‍රේම සබඳතවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර දෙදෙනා කිසියම් හේතුවක් මත බහින් බස් වීමෙන් පසුව තරුණිය බිය කිරීමට සිතා ඔහු ගෙල වැලලාගෙන මියයන බව ප්‍රකාශ කොට තිබේ. තරුණිය ජීවත් වූ නන්දිමිත්‍රගම ප්‍රදේශයේදී ඔහු ගෙළ වැළලාගෙන මිය යන බව රඟ දැක්වීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහුගේ ගෙලෙහි බැඳගෙන තිබූ ලණුවේ ගැටය සිරවීම නිසා ඔහු මියගොස් තිබේ. අවට සිටි පිරිස් වහාම ලණුව කපා ඔහුව වවුනියාව රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඔහු මියගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව මාමඩුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment