පේදුරුතුඩුවේදී නාඳුනන පිරිසකගෙන් පාසල් සිසුන් දෙදෙනකුට කඩු ප්‍රහාරයක්

247

හේතුව අනාවරණය වී නැතිලු

යාපනයේ, පේදුරුතුඩුව, පුතුතුරෙයි ප්‍රදේශයේදී පාසල් සිසුන් දෙදෙනකුට කිසියම් පිරිසක් විසින් එල්ල කරන ලද කඩු ප්‍රහාරයක් නිසා එම සිසුන් දෙදෙනා තුවාල ලබා පුදුවේරී රෝහලට ඇතුළත් කොට තිබේ.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නිසා තුවාලකරුවන් පේදුරුතුඩුව රෝහල වෙත මාරු කොට යවා ඇති අතර මෙම ප්‍රහාරය එල්ල කළ පිරිස මේ දක්වා හඳුනාගෙන නොමැත.

පේදුරුතුඩුව පොලිසිය තුවාල ලැබූ සිසුන් දෙදෙනාගෙන් ලබා ගත් ප්‍රකාශවලදී සිසුන් දෙදෙනාම ප්‍රකාශ කොට ඇත්තේ තමන්ට කඩු ප්‍රහාර එල්ල කළ පිරිසට තුන් දෙනකු ඇතුළත් බවත් ඒ අයව ඔවුන් නොහඳුනන බවත්ය.

සිසුන්ට කඩු ප්‍රහාරයක් එල්ල කොට තුවාල සිදු කිරීමට හේතුව ද මෙතෙක් අනාවරණය වී නොමැත.

පේදුරුතුඩුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment