බාල වයස්කාර ගැහැණු දරුවන් තිදෙනෙක් අතුරුදන්

433


කෙසෙල්වත්ත පොලිස් වසම තුළ පදිංචි බාල වයස්කාර ගැහැණු දරුවන් තුන්දෙනෙකු නිවසින් අතුරුදන්වීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට අද වාර්තා කළේය.

මෙසේ අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 13 සිට 15 දක්වා වයස් සීමාවල පසුවන ගැහැණු දරුවන්ය.
ඔවුන් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් සහ ඥාති සහෝදරියක් වෙති.

ඔවුන් නිවසින් අතුරුදන් වී ඇති බවට ඊයේ පැමිණිල්ලක් ලැබී ඇතැයි සඳහන් කළ පොලීසිය ඒ පිළිබඳව පුළුල් විමර්ශන සිදුකරන බව කියා සිටියේය.

එම අතුරුදන්වීම් සිද්ධිය පිළිබඳව ඔවුන්ගේ දෙමව්පියන් ගෙන් ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment