ඉංජිනේරු සංස්ථා සභාපති පැය 4 ක් කාර්යාල අඩස්සියේ

122

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වැඩබිම් සේවකයෝ එහි සභාපතිවරයා ඊයේ (07දා) දහවල් කාර්යාල අඩස්සියට ගෙන පැය 4 කට ආසන්න කාලයක් තිස්සේ සිරකරගෙන විරෝධතාවක නිරත වූහ.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන්ගේ ජුනි මාසයේ වැටුප කොටස් වශයෙන් ගෙවීම සහ හිඟ මුදල් මේ වනතුරු නොගෙවීම නිසා කෝපයට පත්වූ සේවකයෝ එහි සභාපතිවරයා රඳවාගෙන මෙම විරෝධතාවය පැවැත්වූහ.

කොම්පඤ්ඤවීදිය පොලිසියේ නිලධාරීහු සහ විශේෂ පොලිස් කණ්ඩායමක් පැමිණ ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ සිරකරගෙන සිටි එහි සභාපතිවරයා බේරාගෙන පිටතට රැගෙන යෑමට කටයුතු කළහ.

ඉංජිනේරු සංස්ථාවේ වැඩබිම් සේවකයෝ ඊයේ දහවල් ඉංජිනේරු සංස්ථා ප්‍රධාන කාර්යාලය වෙත කඩා වැදී එහි සභාපතිවරයාගේ කාර්යාලය ඉදිරිපිට දොරටුව අවහිර වන පරිදි වාඩිවී විරෝධතා පාඨ කියමින් කෑ ගසමින් සිය විරෝධය පළ කළහ.

පසුව පාලනාධිකාරිය සමග සාකච්ඡාවක නිරත වූ සේවකයන්ට හිඟ වැටුප් ගෙවීමට එකඟවීම හේතුවෙන් සභාපතිවරයා මුදාහැර සේවකයන් ඉන් ඉවත්ව ගොස් ඇත

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment