අගමැති ජන්ම දිනය වෙනුවෙන් අභයාරාමයේ පිංකම්

175


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් නාරාහේන්පිට අභයාරාමයේ වාර්ෂිකව පැවැත්වෙන කිරි අම්මාවරුන්ගේ දානය අද පෙරවරුවේ එම විහාරස්ථානයේ දී පැවැත්විණි.
කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිල බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ උපදෙස් හා අනුශාසනා පරිදි මෙම දානමය පිංකම සංවිධානය කර තිබිණි.

කිරි අම්මාවරුන්ගේ දානයෙන් පසු ගැබිනි මවුවරුන් සිය දෙනෙකු සඳහා වියළි ආහාර මලු ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ මෙහි දී අනුශාසනාවක් පැවැත්වූහ.
අග්‍රාමාත්‍යතුමා මෙහි දී කූඩු කර සිටි පක්ෂීන් ද නිදහස් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment