බුදුන් වැඩි මග යතුරුපැදි සවාරියක්

155


නේපාලයේ ලූම්බිණි, ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව දක්වා බුදුන් වැඩි මග යන තේමාව පෙරදැරිව ශ‍්‍රී ලංකාව, ඉන්දියාව සහ නේපාලය යන රටවල් ත‍්‍රිත්වයම හවුල් කරගනිමින් සාමය හා සහජීවනය ප්‍රවර්ධනය කිරීම, ක‍්‍රීඩා හා තරුණ ක‍්‍රියාකාරකම් දිරිගැන්වීමල සංස්කෘතික හා ආගමික සහයෝගිතාවය වර්ධනය කිරීම, සංස්කෘතික හුවමාරුව සහ සංචාරක කර්මාන්තය දිරිගැන්වීම මුල්කරගනිමින් 2024 වර්ෂයේ ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත ලූම්බිණි සිට කොළඹ දක්වා වන සංදර්ශනාත්මක යතුරුපැදි සවාරියක් පැවැත්වේ.ඒ සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම ඊයේ කොළඹදී සිදු විය. ක්‍රීඩා අමාත්‍යාංශය නියෝජනය කරමින් මහාචාර්ය ෂමාල් සහ Heartfulness Ride – Trilateral Bike Expedition” සංවිධාන පාර්ශවය නියෝජනය කරමින් සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ පියල් දර්ශන ගුරුගේ සහ Heartfulness Ride – Trilateral Bike Expedition” සංවිධානයේ සම කැඳවුම්කරු රාහුල් පටිල් යන මහත්වරු මෙම වැඩසටහනට අදාල ගිවිසුම් අත්සන් කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment