මළ සිරුරක් ගමන් බෑගයක දමාගිය පිය පුතු දෙපළක් සමග හයක් අත්අඩංගුවට

153

කුරිරු ලෙස පහරදී ඝාතනය කර ගමන් බෑගයක දමා දඬුගම් ඔය ආසන්නයේ පසුගිය 17 දා දමා ගිය සිරුරේ ඝාතකයන් හයදෙනකු සීදුව පොලිසිය මගින් 19 දා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කටාන ප්‍රදේශයේ හෝටල් හිමියකු සහ ඔහුගේ තරුණ පුතුන් දෙදෙනා සහ හෝටලයේ සේවකයන් තිදෙනෙකි.

ඝාතනයට ලක්ව ඇත්තේ මාරවිල කුඩාවැව ප්‍රදේශයේ පදිංචිව සිටි විදේශ රැකියා නියෝජිතයකු බව කියන ඇටන්පොල ආරච්චිගේ සුසන්ත රංජන් නමැති 35 හැවිරිදි විවාහකයෙකි. මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ අධීක්‍ෂණය මත සීදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ධනුෂ්ක බණ්ඩාර එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩී. එම්. එස්. කුමාර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් විමර්ශන සිදුකර ඇත.

මීගමුව – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment