මැර කල්ලිවලට නීතිය අතට ගැනීමට ඉඩ නොදෙනු: අගමැති ඉම්රාන් ඛාන් හමුදා ප‍්‍රධානීන් අමතා පවසයි

455

මැර කල්ලිවලට නීතිය අතට ගැනීමට ඉඩදිය නොහැකි යැයි පාකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන් හදිසි ආරක්‍ෂක රැුස්වීමක් අමතමින් ප‍්‍රකාශ කර ඇත.

මෙම ආරක්‍ෂක රැුස්වීමට හමුදා ප‍්‍රධානී කුවමාර් ජාවෙද්, අයි එස් අයි බුද්ධි ප‍්‍රධානී නදිම් අන්ජාර් සහ පෙෂොවාර් හමුදා ප‍්‍රධානියාද සහභාගී වී තිබේ. මැරකල්ලිවලට එරෙහිව ඉදිරියේදී දැඩි පියවර ගන්නා බවද ඉම්රාන් කාන් තවදුරටත් පවසා ඇත. ශ‍්‍රී ලාංකික කම්හල් කළමනාකාර ප‍්‍රියන්ත කුමාර ඝාතනය කිරීමේ සිද්ධිය නිසා පාකිස්තානයේ ආරක්‍ෂාව ගැන ජාත්‍යන්තර අවධානය යොමු කර ඇතැයි හෙතෙම කීවේය. මෙම ඝාතනයට සම්බන්ධ කෙහෙරික් ලබ්බික් සංවිධානය පසුගියදා පොලිස් භටයන් තිදෙනෙකු මරා දමා තිබුණි.

සංස්කරණය කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment