මිහින්තලේ විදුලිය කැපීමෙන් රජය ව්‍යවස්ථාව උල්ලංඝනය කළා – සජිත් ප්‍රේමදාස

248

බුද්ධ ශාසන අමාත්‍යවරයා කියල තිබුණා වෙනදාටත් වඩා ආගමික නිදහස මෙරට තුළ වර්තමානයේ ස්ථාපිත කර තිබෙනවා කියලා. මෙරට බුදුදහම ස්ථාපිත වූ ඓතිහාසික මිහින්තලය පුදබිමේ විදුලිය විසන්ධි කිරීම තුළින්ම ඒ බව මනාව පැහැදිලි වෙනවා. ඒ ගෞරවය රජයට හිමි වෙනවා. මේ විදුලිය විසන්ධි කිරීම තුළින් පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සිද්ධවෙලා තිබෙනවා යැයි විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ලක්‍ෂ 41 ක විදුලි බිල ගෙවීමෙන් අනතුරුව මිහින්තලා පුදබිමේ සූර්ය පැනල විදුලිබල පද්ධතියක් කෙටි කාලයක් සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් දැනුවත් කිරීමට ඓතිහාසික මිහින්තලා පුදබිමට පැමිණි විපක්‍ෂ නායකවරයා මේ බව පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ විපක්‍ෂ නායකවරයා මෙසේද කීය.

ඓතිහාසික මිහින්තලා පුදබිමේ විදුලි අර්බුදයට පිළියමක් ලෙස සසුනට අරුණ වැඩසටහන යටතේ යළි විදුලිය ලබාදීමට හැකිවීම ගැන අප සතුටු වෙනවා. ඒ වගේම ආඩම්බර වෙනවා. නමුත් මෙය ස්ථිරසාර විසඳුමක් නොවේ. විහාරස්ථාන පද්ධතියට වැඩි බරක් නොවී, සූර්ය පැනල පද්ධතිය හරහා පුනර්ජනනීය බල ශක්තිය හරහා තිරසර විසඳුමක් ඉදිරි කෙටි කාලයක් තුළ මිහින්තලා පුදබිමට විදුලිය ලබාදෙන්නට අපි අදහස් කරනවා යැයි ද කීවේය.

මිහින්තලේ – රංග චතු

advertistmentadvertistment
advertistmentadvertistment