මේ පාවාදීමට එරෙහිව අපිත් නඩු කියනවා

235

කෙරවලපිටිය යුගදනවි බලාගාරයෙන් සියයට 40ක අයිතිය ඇමරිකානු සමාගමකට පැවරීම මෙරට බලශක්ති සුරක්ෂිතතාවය අනතුරකට හෙළීමක් යැයි ද මේ පිළිබඳ අධිකරණයට ගොස් කරුණු දැක්වීමට නීති උපදෙස් ලබාගනිමින් සිටින බවද විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

එලෙස රටේ ආර්ථික වශයෙන් වැදගත් මර්මස්ථානයක පාලනය එලෙස අන්සතු කිරීම විශාල අවදානම් තත්ත්වයක් වන බැවින් ඊට එරෙහිව දැවැන්ත අරගලයක් කි‍්‍රයාත්මක කරන බව විපක්ෂනායකවරයා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. යුගදනවි බලාගාරය පැවරීම හෙජින් ගිවිසුම තරම් පාවාදීමක් බවත් කී හෙතෙම දේශපේ‍්‍රමී ආණ්ඩුවකට හෝ දේශපේ‍්‍රමී පුරවැසියකුට එය කිසිසේත්ම කළ නොහැක්කක් බව ද කියා සිටියේය. වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසුව ජනතාවාදී කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නැතත්, ගජ මිතුරන්ට සහන සැලසීම, ආර්ථික මර්මස්ථාන මැදියම් රැයේ විකිණීම වැනි පාවාදීම් නම් සිදු කර ඇතැයි ද හෙතෙම කීය.

එබැවින් මෙම මහා පාවාදීමට එරෙහිව සමගි ජනබලවේගය කි‍්‍රයා කරන බව පේ‍්‍රමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment