යාපනයේ නීති විරෝධී ගව ඝාතන නතර කරන්නැයි විරෝධතා

2

යාපනයේදී ඉතා ශීඝ්‍රයෙන් සිදුවන ගව ඝාතනයන් වහාම නතර කරන ලෙසත් නීති විරෝධී ගව ඝාතනාගාර වසා දමන ලෙසත් ඉල්ලමින් යාපනයේ අරාලි සිව සේනා

සංගමයේ නිලධාරීන් කීප දෙනකු 2 දා අරාලි ප්‍රදේශයේදී විරෝධතාවයක් සංවිධානය කොට තිබුණි.

මීට පෙර යාපනයේ සිවසේනා සංගමය විසින් මහා පරිමාණයේ විරෝධතාවයක් යාපනයේ පැවැත් වූ අවස්ථාවේදී පොලිසිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ක්‍රියාත්මක වී නීති විරෝධී ලෙස පවත්වා ගෙන ගිය ගව ඝාතනාගාර දෙකක්ම වසා දැමීමට පියවර ගෙන තිබුණි.

ශිව සේනා සංවිධානය ප්‍රකාශ කරන්නේ යාපනයේ යළිත් නීති විරෝධී ගව ඝාතනාගාර බිහි වී ඇති බවත් ඒවායෙහිදී මරා දැමීමට ගවයන් රැගෙන යෑම නිසා යාපනයේදී ගව හොරකම් ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්ය.

වහාම යාපනයේ එම නීති විරෝධී ගව ඝාතනාගාර වසා දැමීමටත් ඒවා පවත්වා ගෙන යන පිරිසට දඬුවම් කිරීමටත් ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටින සිව සේනා සංවිධානය එසේ නොවුවහොත් යාපනයේ සියලුම සංවිධාන එක් වී යළිත් මහා පරිමාණයේ විරෝධතාවයක් යාපනයේදී දියත් කරන බවද ප්‍රකාශ කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment