රටපුරා ප්‍රදේශ රැසකට අද සවසත් ගිගුරුම් වැසි

45

– ගලිගමුවට අරණායකට නාය අවදානම් නිවේදන

දිවයිනේ බොහෝ පළාත්වල තවදුරටත් පස්වරු 1.00 න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක වැසි ඇතිවිය හැකි බව ද, උතුරු සහ නැඟෙනහිර පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු නිලධාරියා කීය. පවතින වර්ෂාපතනයත් සමඟ ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව සහ අරණායක යන ප්‍රදේශවලට තෙවැනි මට්ටමේ නායයෑම් අවදානමක් යොමුකර තිබිණි.

පෙරේදා (19 දා) දුම්මලසූරිය ප්‍රදේශයට මිලිමීටර් 146.4 ක්, උඳුබොඩ ප්‍රදේශයට මිලිමීටර් 127.0 ක්, වාගොල්ල ප්‍රදේශයට මිලිමීටර් 106.6 ක් ලෙස වැඩි වශයෙන් වර්ෂාපතනය ලැබී ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment