රුසියාවෙන් තෙල් මිලදී ගන්නා රටවල් අපේ ලේවලට වගකිව යුතුයි – යුක්‍රේන ජනපතිගෙන් චෝදනාවක්

355

යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි රුසියානුවෙන් බොරතෙල් මිලදී ගන්නා යුරෝපීය රටවල් අපේ වැසියන්ගේ ලේ සඳහා වගකිවයුතු රටවල්” බවට චෝදනා කරයි.

 බීබීසී සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සෙලෙන්ස්කි පැවසුවේ ජර්මනිය සහ හංගේරියාව රුසියානු බලශක්ති අලෙවිය මැඬලීමේ ප්‍රයත්නයන්ට බාධාවක් වූ බැවින් රුසියාව මේ වසරේ පමණක් ඩොලර් බිලියන 326 තරම් උපයා ඇති බවයි.

 යුක්‍රේන නායකත්වය ජර්මනියේ ක්‍රියා පටිපාටිය ගැන කලකිරී සිටින අතර රුසියාවට එරෙහි සමහර සම්බාධකවලට සහාය දක්වා ඇත. නමුත් මෙතෙක් ජර්මනිය රුසියාවේ තෙල් අලෙවිය සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස කරන ලද ඉල්ලීම්වලට විරුද්ධ වී ඇත.

 “අපගේ සමහර මිතුරන් සහ සගයන් දැන් කාලය වෙනස් බව තේරුම් ගෙන ඇත. එය ව්‍යාපාර සහ මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. එය රාජ්‍යයේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්,” සෙලෙන්ස්කි යුක්‍රේන අගනුවර කියෙව්හි නිරීක්ෂණ කාමරයකදී බීබීසී යට ප්‍රකාශ කර ඇත. රුසියාවට පහර දීම වැළැක්වීම සඳහා තවත් ආයුධ සපයන ලෙස ඔහු බටහිර රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment