වටේම කුඹුරුවල ජලය පිරිලා මගේ කුඹුර වතුර නැතිව වේලෙනවා – ඇයි මට මෙහෙම කරන්නේ – ආණමඩුව කේ.වී. සීලවතී හැඩූ කදුළින් අසයි

473

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා කරුවලගස්වැව පැවැති ගම සමග පිළිසදරක් වැඩසටහනේ දී තම කුඹුරු කොටසට ජලය ලබා ගැනීමට නොහැකිව පීඩාවට පත් ගොවි කාන්තාවක් එම ගැටලූව ඉදිරිපත් කළ ද මේ වනවිටත් ඊට විසදුමක් ලබා දී නොමැති බව ඇය පවසන්නීය.

72 හැවිරිදි ආණමඩුව කොට්ටුකච්චිය කේ.වී. සීලවතී නමැති කාන්තාව මෙම  ගැටලූවට මුහුණ පා සිටිති.

තම ගැටලූව ඉදිරිපත් කළ අවස්ථාවේ අදාළ නිලධාරින් දැනුවත් කරමින් විස`දුමක් ලබාදීමට කටයුතු කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නද තවමත් ජලය නොමැතිව එම කුඹුරු විනාශ වෙමින් පවතින බව ඇය කියා සිටී.

කොට්ටුකච්චිය ගොවි ජනපදයට අයත් පුරාණගම ගම්මානය යටතේ ඇති මුක්කාලිය කුඹුරුයාය අක්කර 50 කට ආසන්නය. එහි ඇතැම් කුඹුරු හිමියන් විවිධ හේතු මත තම කුඹුරු අතහැර දමා ඇත්තේ අලින්ගෙන් ගහණ වු ප‍්‍රදේශයක කුඹුරු වගා බේරා ගැනීමේ අපහසුතා හේතුවෙන්ය. මෙවන් පසුබිමකයි ඇයගේ කුඹුරු කොටස විනාශ වෙන්නේ.

Watema Kuburuwala2ඒ සම්භන්ධව අදහස් දක්වන කේ.වී. සීලවති මව

”මගේ කුඹුර වගා කරපු හැමදාකම වතුර ගන්න ගිහාම ප‍්‍රශ්න ඇතිවුනා. කවදාවත් වතුර ටික මට කැමැත්තෙන් දුන්නේ නැහැ. දැන් මේ පාර කුඹුරු මැරෙනවා නමුත් අද වෙනකම් ඒ සදහා නිවැරදි පිළිතුරක් ලැබී නැහැ. මගේ කුඹුර දැන් වතුර නැතිව මැරි යනවා. නමුත් කුඹුරට යාබද කුඹුරු අපුරුවට වතුර පිරිලා මට දුක දරා ගන්න බැහැ. ඇයි මේ කුඹුරු වලින් බහින වතුර ටික මට දෙන්න බැරි. මේ කුඹුරු අද ඊයේ ඒවා නොවෙයි. අපේ තාත්තලා කාලේ ඉ`දන් තියෙන කුඹුරු. අවුරුදු 60 වැඩි පරණයි. ඒ වාගේම මම තනිවම අක්කර 05 ක් වැඩ කරනවා .ඒ වගේම මීට අවුරුදු 14 කට කලින් මගේ දෙවෙනි පුතාට මේ කුඹුරේදී පිට කෙනෙකු බැ`දපු ක`දක් පත්තු ‍වුණා. දැන් ආබාධිතයි ඒ වාගේ දුකක් විදිනවා මම. එහෙම තියෙද්දි තමා මට මේ හිරිහැර කරන්නේ”

මේ පිළිබදව කළ විමසීීමේදී ආණමඩුව  ගොවිජන සංවර්ධන ප‍්‍රාදේශීය නිලධාරි ගෝඨාභය විජයතිලක මහතාගේ පිළිතුර වූයේ ”මේ කථාව ඇත්ත. නමුත් මේ පිළිබද`ව ගම සමග පිළිසදරක් වැඩසටහනේදි ජනාධිපතිතුමාට යොමු කර තිබුණා. මේ කුඹුරු වලට ජලය ගන්න අමුණ පැත්තකින් තැඩි යාම නිසා තමයි මේ ප‍්‍රශ්ණය මතු වුනේ. මේ වන විට අපි අදාළ අමුණ හදන්න ඇස්තමේන්තු කර අදාළ මුදල් ලබා ගැනීමට ඉල්ලීම් කර තිබුණත් තවම මුදල් ලැබී නැහැ. ඒ නිසා මේ ගැටලූව පවතිනවා. දැනට තිබෙන ජලය ලබා දෙන්න කටයුතු කරනවා යැයි පැවසීය.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment