හේන් වගාවට කැලය සුද්ධ කරන නිසා වනඅලි නගරයට එනවා – පරිසරවේදීහු පවසති

45

වල්අලි ගම්වැදීමට හේතුව ගොවීන් විසින් වගාකටයුතු සඳහා රක්ෂිත වනාන්තර එළි පෙහෙලි කරන බව පරිසරවේදීහු පවසති.

හුරුළුවැව රක්ෂිත වනය ගොවීන් විසින් හේන් වගාවන් සඳහා එළි පෙහෙලි කිරීම නිසා ගලෙන්බිඳුණුවැව නගරය ආසන්නයට පවා වල්අලි පැමිණෙන බව ඔවහු පවසති.

මීට පෙර ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගොවීන්ගේ වගාවන්වලට හා නිවෙස්වලට වල්අලින්ගෙන් කිසිදු හානියක් සිදු නොවූ අතර එම ගම්මානවලට වල් අලි නොපැමිණි බවද පරිසරවේදීහු පවසති.

එම ප්‍රදේශයේ ගොවීන්ගේ වගාවන්වලට හා නිවෙස්වලට වල්අලින් ගෙන් හානි පැමිණ වී ඇත්තේ දැනට වසරක පමණ කාලයක සිට බවත් ගොවීන් විසින් හේන් වගාවන් සඳහා හුරුළු රක්ෂිත වනය එළි පෙහෙලි නොකරානම් මෙවැනි තත්ත්වයක් ඇති නොවෙන බවද එම පරිසරවේදීහු පවසති.

හුරුළු රක්ෂිත වනය ආරක්ෂාකර ගැනීම වනරක්ෂණ නිලධාරින්ගේ වගකීමක් බවත් මින් ඉදිරියට හුරුළු රක්ෂිත වනය ආරක්ෂා කරගැනීමට කටයුතු කරන මෙන් පරිසරවේදීහු වනරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලාසිටිති.
ජයන්ත වාසුල – ගලෙන්බිඳුණුවැව

advertistmentadvertistment
advertistmentadvertistment