නොරොච්චෝලෙට දෙවසරක් – රුසියානු ගල් අඟුරු

279

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය සඳහා වසර දෙකකට ගල් අඟුරු සැපයීමට රුසියානු සමාගමක් එකඟ වී ඇත.

ගල් අඟුරු සපයා ගැනීම සඳහා සිදුකළ ටෙන්ඩර් කැඳවීමේදී ටෙන්ඩරයට ඉදිරිපත් වූ සමාගම් දෙකෙන් රුසියන් සමාගම් ටෙන්ඩරයට අනුමැතිය හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ලංකා ගල් අඟුරු බලාගාරයේ සභාපති ජගත් පෙරේරා මහතා දිවයිනට ඊයේ (17දා) පැවසීය. අනෙක් සමාගමටද හෙට (19දා) දක්වා අභියාචනා කිරීමේ හැකියාව පවතින බවද ඔහු කීය.

බලාගාරය සතුව සැප්තැම්බර් 30 දක්වා ගල් අඟුරු සංචිත පැවති බවත් එක් යන්ත්‍රයක් වසර හයකට වරක් සිදුකළ යුතු අනිවාර්ය අලුත්වැඩියා සඳහා නවතා දැමීම සහ කාර්මික දෝෂයකට තවත් යන්ත්‍රයක් ලක්වීම නිසා පැවැති ගල් අඟුරු සංචිත ඔක්තෝබර් මස අවසන් වනතෙක් ප්‍රමාණවත් බවද ඒ මහතා පැවසීය.

ණයවර ලිපි නිකුත් කිරීම මාස 05 කට බලාපොරොත්තු වුවත් රුසියන් සමාගම එම පහසුකම මාස 06 කට ලබාදීමට එකඟවී තිබෙන බවද ඒ මහතා කීය. නව ටෙන්ඩරයට අනුව ගල් අඟුරු ආනයනය කිරීම ඔක්තෝබර් සිට සිදුකිරීමට අදහස් කර ඇති බවත් ආනයනය කරන ගල් අඟුරු මිලදී ගැනීම මිල සූත්‍රයකට අනුව සිදු කිරීමට කටයුතු කරන බවත් සභාපතිවරයා කීය.

ජල විදුලියට පසු අඩු පිරිවැයකින් විදුලි ඒකකයක් නිපදවීම සිදුකරනු ලබන්නේ ගල් අඟුරු මගිනි. ටෙන්ඩරයට එකඟවීමෙන් පසු කැබිනට් මණ්ඩලය හරහා අනුමැතිය ලබාගැනීමට නියමිතය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment