වවුනියාවේ භූ කම්පනය ශක්තිය මුදා හැරීමේ සාමාන්‍ය තත්ත්වයක්

41

මහාචාර්ය අතුල සේනාරත්න

වවුනියාව ප්‍රදේශයේ පෙරේදා (18 දා) රාත්‍රියේ ඇතිවූ භූ කම්පන තත්තවය එකතු වී තිබෙන ශක්තිය මුදා හැරීමේ සාමාන්‍ය තත්ත්වයක් බවත් මෙය සාමාන්‍යයෙන් පොළොවෙහි භූගත මට්ටම්වල ශක්තිය මුදා හැරීමක් ලෙස නිරීක්ෂණය වන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා හා භූගර්භ දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

මෙවැනි භූ කම්පන තත්ත්වයක් වසර දහයකට පෙර එම ප්‍රදේශයේම සිදුව ඇති බව කී මහාචාර්යවරයා මධ්‍යම කඳුකරයේ හෝ ජලාශ පරිසර තත්ත්වයන් ඇති පෙදෙස්වල ඇතිවන භූ කම්පන තත්ත්වයන්ට වඩා සාමාන්‍ය තත්ත්වයක් මෙම තැනිතලා බිමෙහි පවතින බවත් කියා සිටියේය.

ඉදිරියේදී මෑත කාලීනව නැවත එවන් භූ කම්පනයක් ඇතිවේ යැයි සිතීම අපහසු බව කී හෙතෙම ශ්‍රී ලංකාව වැනි රටක පිහිටීම අනුව මෙවැනි තත්ත්වයන් ඇති වන බව ද කියා සිටියේය.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment