වැල්ලවත්ත, ශ්‍රී ජිනානන්ද ළමා නිවාසයහි ඉගෙනුම ලබන පාසල් දරුවන්ට Hutchison Telecommunications Lanka (Pvt) Ltd සමාගමෙන් පාසල් බෑග් පරිත්‍යාග කරයි

86

Hutchison Telecommunications Lanka (Pvt) Ltd සමාගම විසින් වැල්ලවත්ත, ශ්‍රී ජිනානන්ද ළමා නිවාසයහෙි ඉගෙනුම ලබන පාසල් දරුවන් සඳහා පසුගියදා පාසල් බෑග් පරිත්‍යාගයක් සිදු කරන ලදී.

නො. 1 ධර්මාරාම පාර, වැල්ලවත්ත, කොළඹ 06 ලිපිනයෙහි පවත්වාගෙන යන ශ්‍රී ජිනානන්ද ළමා නිවාසයෙහි නේවාසිකව සිටින ළමුන් සඳහා අවශ්‍ය පාසල් බෑග් Hutchison Telecommunications Lanka (Pvt) Ltd සමාගම මගින් මෙහිදී පරිත්‍යාග කෙරිණි.
Hutchison Telecommunications Lanka (Pvt) Ltd සමාගමේ සමාජ සුබසාධන ව්‍යාපෘතිය යටතේ මෙම පරිත්‍යාගය සිදුකරන ලදී. මෙම අවස්ථාවට Hutchison Telecommunications Lanka (Pvt) Ltd සමාගම නියෝජනය කරමින් එම ආයතනයේ ආයතනික කටයුතු සාමාන්‍යාධිකාරී මංගල බණ්ඩාර මහතා, සහකාර සාමාන්‍යාධිකාරී අලෙවි සහ සන්නිවේදන කෞශලා අමරසේකර මහත්මිය සහභාගී වුහ.

ඡායාරූපය – කමල් බෝගොඩ


advertistmentadvertistment