වැලිකඩින් පැන ගිය මරණ දඬුවම නියමව සිටි සිරකරු මරදාන දුම්රිය පළේදී මාට්ටු

115

වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම නියමව සිටි සිරකරුවකු බන්ධනාගාර නිලධාරියකුගේ නිල ඇඳුමට සමාන නිල ඇඳුමකින් සැරසී බන්ධනාගාර නිලධාරීන්ට ව්‍යාජ තොරතුරු ලබාදී වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන දොරටුවෙන් ඊයේ (25 දා) පෙරවරුවේ පලාගොස් ඇත.

මරණ දණ්ඩනය සඳහා රඳවා සිටින සිරකරුවන් ඊයේ පෙරවරු 9.30 ට පමණ ආගමික වැඩසටහන් සඳහා පිටතට ගත් අවස්ථාවේ ඔහු විසින් සඟවා තිබූ සාමාන්‍ය නිලධාරියකුගේ නිල ඇඳුමට සමාන නිල අඳුම් ඇඳගෙන වැලිකඩ ප්‍රධාන දොරටුවෙන් පළාගොස් ඇත.

බන්ධනාගාර නිලධාරීන් මොහු ගැන සැකසිතා ලුහුබැඳ ගොස් මරදාන දුම්රිය ස්ථානයේ දුම්රියක නැඟී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

මොහු ගම්පහ මහාධිකරණය මගින් 2015 මාර්තු 6 දින මිනී මැරුම් චෝදනාව යටතේ මරණ දණ්ඩනයට නියමව සිටි 42 හැවිරිදි වැවේකොටුව, ඉහලකොටුවැල්ල, පන්නල ලිපිනයේ පදිංචිකරුවකු බව හෙළිවී ඇත.

මෙම සිරකරු වැලිකඩ බන්ධනාගාරයෙන් අධිආරක්‍ෂිත බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment