වැස්සට පන්දහසකට වැඩි පිරිසකට පීඩා

80


පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික් 03ක පන්දහසකට අධික පිරිසක් පීඩාවට පත් වඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 1275කට අයත් පුද්ගලයන් 5051 දෙනෙකු මෙලෙස පීඩාවට පත් ව සිටින බවය.

රත්නපුර, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්වලටල පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී තිබේ.

වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ කළුගඟල ගිංගඟ සහ නිල්වලා ගඟෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති අතරල ඇතැම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයන් ද හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment