දියේ ගිලී සිසුවෙක් සහ විදේශිකයෙක් මරුට

373


කොග්ගල මෝය අසල සහ හබරාදුව නගරය ආශ්‍රිත මුහුදු තිරයේ දිය නාමින් සිටියදී ඉකුත් 29 දියේ ගිළුනු පාසල් සිසුවා හා විදේශිය ජාතිකයා මියගොස් ඇති බව හබරාදූව පොලිසිය පවසයි. මළ සිරුරු ඊයේ (30දා) හමුවී ඇත.
මියගොස් ඇත්තේ මිල්ලගහමුල්ල,ගණිතපුර වරකාපොල ලිපිනයේ පදිංචි රවිචල්වම් ශිවා ආකාශ් (14) නැමැති පාසල් සිසුවකු සහ 43 හැවිරිදිවියේ පසුවන රුසියානු ජාතික විදේශිකයෙකි. දියේ ගිලිමෙන් මියගිය පාසල් සිසුවා තම දෙමව්පියන් හා ඥාතින් සමග විනෝද චාරිකාවක් සදහා පැමිණ ඇත. කොග්ගල මෝය කට ආශ්‍රිතව මුහුදු තිරයේ දිය නාමින් සිටියදි රළ පහකරට හසුවි ගසාගෙන ගොස් තිබේ. මෙම සිසුවාගේ සිරුර අහංගම කතලු‍ව පාලම අසල වෙරළ තිරයට ගොඩගසා තිබියදි සොයාගෙන ඇත.
දියේ ගිලිමෙන් මියගිය රුසියානු ජාතිකයා හබරාදුව නගරය ආසන්න මුහුදු තීරයේ දිය නාමින් සිටියදි රළ පහරකට හසුවි ගසාගෙන ගොස් දියේ ගිලෙමින් සිටියදි ප්‍ර දේශවාසින් විසින් බේරාගෙන 1990 හදිසි ගිලන් රථ සේවාව මගින් කරාපිටිය රෝහලේ බාහිර ප්‍රථිකාර අංශයට ඇතුළත් කරන විටත් මියගොස් තිබු බව පොලිසිය පවසයි.
මියගිය පාසල් සිසුවාගේ සහ විදේශිය ජාතිකයාගේ පශ්චාත් මරණ පරික්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්විමට නියමිතව තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment