ඩීසල් ගන්න යන්න එපා

246


අද සහ හෙට (30,31) ඩීසල් ලබාගැනීමට පිරවුම්හල්වල පෝලිම්වල නොසිටින ලෙස ඉල්ලා සිටින බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.

ඩීසල් මෙට්‍රික්ටොන් 37500 ක් රැගත් නෞකාවේ ඩීසල් තොගය සැලසුම් කළ පරිදි ගොඩබෑමට නොහැකි වූ බවත් ඒ හේතුවෙන් ඩීසල් හිගයක් ඇතැයි ද හෙතෙම කීය.
කෙසේවෙතත් අත්‍යාවශ්‍ය සේවා සඳහා අඛණ්ඩව ඩීසල් සපයන බව ද කී හෙතෙම පෙට‍්‍රල් බෙදාහැරීමේ කිසිදු ප්‍රශ්නයක් නොමැති බවද කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment