විදෙස් සංචාරකයන්ට බලපෑම් කළ කටුනායක ‘කාක්කෝ’ 10 ක් මාට්ටු

364

කටුනායක ගුවන් තොටුපළ භූමියේ රැඳී සිටිමින් මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන්ට විවිධ බලපෑම් සිදුකරමින් ඔවුන්ට හිරිහැර වන ආකාරයට හැසිරුණු තැරැව්කරුවන් සිව්දෙනකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (27 වැනිදා) පෙරවරුවේදී අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ සංචාරකයන්ට කටුනායක ගුවන් තොටුපළේදී තැරැව්කරුවන් විසින් විවිධ හිරිහැර කරන බවට පැමිණිලි ලැබී තිබිණි. ගුවන් තොටුපළ පාලන අධිකාරිය විසින් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම වැටලීම් ක්‍රියාත්මක කර තිබේ.

දින කීපයක් තිස්සේ සිදුකළ මෙම වැටලීම්වලින් මේ වන විට පුද්ගලයන් දසදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපළ පොලිසියට භාර දී තිබේ.
හේමන්ත රන්දුණු


advertistmentadvertistment