වෛද්‍ය නිර්දේශ ලැබුණොත් දුමින්ද රෝහලෙන් හිරගෙදරට – බන්ධනාගාර කොමසාරිස්

480

මරණ දඬුවම නියමව රෝහල්ගත කර සිටින දුමින්ද සිල්වා මහතා රෝහල්ගතව සිටින්නේ විශේෂඥ වෛද්‍ය නිර්දේශ මත යැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා ‘දිවයින’ට ඊයේ (16 දා) පැවසීය.

දුමින්ද සිල්වා මහතාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විමසීම් කරන බවත් රෝහලෙන් ඔහුගේ රෝගී තත්ත්වය සුව බවට නිර්දේශ කරන්නේ නම් ඔහු බන්ධනාගාරය වෙත රැගෙන එන බවත් දිසානායක මහතා කීය.

මේ වනවිට දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර නිලධාරීන් භාරයේ රෝහල්ගතව සිටින බව ද ඒ මහතා කීය.
චමින්ද සිල්වා


advertistmentadvertistment