ශ්‍රීලනිපයේ ප්‍රමුඛත්වයෙන් මෙරට විශාලම සන්ධානය ලබන 8 දා පිහිටුවනවා – ඇමැති අමරවීර කියයි

83

ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ විශාලම හා ශක්තිමත්ම සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛත්වයෙන් ලබන මස 08 වැනිදා පිහිටුවන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එදින විශාල ජන සහභාගිත්වයකින් යුක්තව හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ මංගල රැළිය පවත්වන බවද අමාත්‍යවරයා කීවේය.

දැනටමත් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ගණනාවක් මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ ගණනාවක් ද තම සන්ධානයට සහයෝගය පළ කර ඇති බවත් එමෙන්ම විවිධ පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් දැනටමත් මෙම රැළියට සහභාගි වන බවට දැනුම් දී ඇති බවත් අමාත්‍යවරයා කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය දැන් තම පාර්ශ්වය සතු බවත් පක්ෂ මූලස්ථානය සියලු පාක්ෂිකයින්ට විවෘතව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment