දෙවැනි ස්වභාවික වායු බලාගාරයට මුතුරාජවෙල අක්.10ක් දෙයි

99

මෙගාවොට් 350 ක් වන මෙරට දෙවන ස්වභාවික වායු බලාගාරය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුතුරාජවෙල පිහිටි අක්කර 10 ක ඉඩමක් ලබාදී ඇත.

මෙහි ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී (2024) ආරම්භ කර 2026 වසරේදී අවසන් කිරීමට නියමිතය. මෙය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 750 ක් වැය කෙරෙන බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය මහතා පවසයි. මීට අදාළ ගිවිසුමට අද්මිරාල් හිරාන් බාලසූරිය මහතා සහ විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංකෝන් මහතා අත්සන් කරනු ලැබීය.

මෙරට පළමු ස්වභාවික වායු විදුලි බලාගාරය මේ වනවිට මේ ආශ්‍රිතව ඉදිකෙරෙමින් පවතින අතර එය 2021 වසරේදී ආරම්භ විය. එයද වසර තුනකදී අවසන් කිරීමට නියමිත අතර මෙගාවොට් 350 ක ධාරිතාවෙන් යුතු වේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment