ජනපතිගේ කතාවට කථානායකගෙන් ලියුමක්

2271

ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් ජනාධිපති විසින් පෙර දින (23දා) පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයට අදාළව කරුණු විස්තර කරමින් ඔහුට ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ලෙස තමන් ලිපියක් යවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (24දා) පැවසීය.

ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ විවේචනය කළ අතර එම සභාව සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත් කළ නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම සභාවට විපක්ෂයේ සුළු පක්ෂ නියෝජනය කෙරෙන නියෝජිතයා පත් කිරීම සම්බන්ධයෙන් ඇතුළු ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු සම්බන්ධයෙන් නිවැරදි නොවන ප්‍රකාශ ගණනාවක් ජනාධිපතිවරයා විසින් සිදු කළ බවට විපක්ෂනායක චෝදනා කළේය.

මෙහිදී නැගී සිටි ගෙවිඳු කුමාරතුංග මහතා ද ජනාධිපතිගේ අදාළ ප්‍රකාශය විවේචනය කරමින් අදහස් පළ කළේය.

ඊට පිළිතුරු දෙමින් කථානායක කියා සිටියේ ජනාධිපති දැනුවත් කරමින් ඉහත විශේෂ ලිපිය යවන බවය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment